අටවෙනි ස්වරය නුඹද?
ලංකාව පුරාම සරසවිවල මතුවුණු අනධ්‍යයන සේවක ගැටලුව හින්දා මට ආපහු ගෙදර එන්න සිද්ධ වුණා. ඉතින් මගේ පුංචි කාමරේ මට ආපහු මම වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ හුරු පුරුදු සුවඳ මගේ ගතට සිතට අමුතුම සැනසීමක් අරන් ආවා. එළියෙ හොඳටම වහිනවා. මන් මගේ පුංචි මේසෙ ඉස්සරහ වාඩිවුණා. ඒත් එක්කම මගේ ඇස් මේසය උඩ තිබ්බ පුංචි රෝස පාට පොතක් ළඟ නතර වුණා. දෙපාරක් නොහිතා මම ඒ පොත අතට ගත්තා. මේ පුංචි පොතේ මගේ සිනහව, කඳුළ, ලස්සනම මතකයන් හරි අපූරුවට ලියවිලා තිබ්බා. මම එකපාරටම පෙරළලා තියෙන්නෙම මේ පොතේ ඔයාගෙ නමට වෙන්වුණු පරිච්ඡේදය. එදා ඉස්කෝලෙදි ඔයාව දැකපු මුල්ම දවසෙදිම මට දැනුණු ඒ අමුතුම හැඟීමෙ ඉඳලම ඔයා මගේ ජීවිතේට ආගන්තුකයෙක් වුණු දවස දක්වාම කාටවත්ම නොකියපු හැම මතකයක්ම මේ පොත ඇතුළෙ අපූරුවට සිතුවම් වෙලා තිබ්බා. ඒක හරියට ලස්සන චිත්‍රපටියක් වගේ. සමහර සිනමා නිර්මාණවල අවසානය තීරණය කරන්න ප්‍රේක්ෂකයන්ට ඉඩ දීලා ඒකෙ නිමාව සනිටුහන් වෙනවා. මගේ කතාවත් හරියට ඒ වගේ. තාම මම අවසානයක් නොදැනම මගේ කතාව ලියනවා.
එකපාරටම පොතේ තිබුණු දුඹුරු පාට ලියුම් කවරයක් බිමට වැටුණා. ඒ තමයි ඔයා මට එවපු ලස්සනම ආදර හසුන. ආයෙත් මට හිතුනා එදා වගේම ඒක කියවල බලන්න.
"සසර අතරමග හමුවුණ
ඉනූ කඳුළු පිස හිනැහුණ
රිදුම් අකුරු කොට සැනහුණ ප්රියම්බිකාවී
එළිවැටකට මම නැතුවට කම් නෑ දේවි ...
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මේ ප්රබාශිණී හේරත් මහත්මියගේ ගී පද නිර්මාණයක් විතරයි නේද කියලා. නෑ. ඒක ඇතුළෙ නොකියපු කතා ගොඩක් හැංගිලා තිබ්බා. මම හරි පරිස්සමට ඒ ආදර හසුන ආපහු පොත ඇතුළට දාලා පොත වහලා පැත්තකින් තිබ්බා. මේ පොත වහල තිබ්බා වගේම මගේ මතකයනුත් මගේ හිතින් මකල දාන්න පුළුවන් උනානම් ...
පහුගිය දවස් ටිකේම වැඩ ගොඩක හිරවෙලා හිටපු හින්දා මට මාවත් මගහැරිලා තිබ්බෙ. ටිකක් මගේ හිත සන්සුන් කරගන්න හිතාගෙන මම හෙමිහිට මගෙ ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කළා.
අටවෙනි ස්වරය ඔබද
ඔබ ළඟ ළඟම නේද
දින ගැන ගැන හිඳිමි
සබඳිනී මා ඔබේ ...
අභිෂේකා විමලවීර මහත්මියගේ ළයාන්විත හඬ ගුවන්විදුලි යන්ත්‍රය හරහා වාතලයට මුසුවුණා. කවදාහරි දවසක ඔයා මාව හොයාගෙන එයි කියලා හීන දකින එකත් හරියට සංගීතයට අටවෙනි ස්වරයක් එකතු වෙනකන් බලන් ඉන්නවා වගේ වැඩක්. මොකද මේ වෙනකොටත් සංගීතය ස්වර හතකින් නිමවෙලා ඉවරයි. අටවෙනි ස්වරයක අවශ්‍යතාවක් සංගීතයට නැහැ. ඒත් මේ ලෝකෙ අපි නොසිතන නොපතන විදිහට අමුතු හාස්කම් සිද්ධ වෙනවා. එහෙම දවසක් ආවොත් ආපහු මට පුළුවන් වෙයි අතරමග නතර කරපු අපේ පෙම් කතාවේ ඉතුරු ටික ලියන්න. ඇත්තටම එහෙම දවසක් එයි කියලා පුංචිම හරි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

😊nice...
ReplyDeleteThank you 😍
DeleteWell done ❤
ReplyDeleteThank you 😍
Delete❤
ReplyDeleteThank you ❤️
DeleteThis comment has been removed by the author.
ReplyDelete😊Good job...dear
ReplyDeleteThank you 😍
DeleteGood Job ...dear
ReplyDeleteThank you 😍
DeleteGood job 😍
ReplyDeleteThank you 😍
DeleteGood job 💖
ReplyDeleteThank you 😍
DeleteWell Done ❤
ReplyDeleteThank you ❤️
Delete❤️🫶🥺
ReplyDeleteThank you ❤️
Delete❤️❤️
ReplyDeleteThank you ❤️
DeleteWell done 👍👏
ReplyDeleteThank you ❤️
Deleteලස්සන වැඩක් ගයෝ.🥰😍
ReplyDeleteThank you ❤️
DeleteWell done 😍❤️
ReplyDeleteThank you ❤️
Deleteහරිම ලස්සනයි.නිර්මාණශීලී❤️
ReplyDeleteThank you 🥺❤️
Delete❤❤ ලස්සනයි ❤❤
ReplyDeleteThank you ❤️
Deleteහරිම ලස්සනයි ❤️
ReplyDeleteThank you ❤️
Deleteලස්සනයි 🥰❤️
ReplyDeleteThank you ❤️
DeleteGood job nangi..👍❤️🔥
ReplyDeleteThank you akka ❤️
DeleteGood work
ReplyDeleteThank you ❤️
Delete❤️💜️
ReplyDeleteThank you ❤️
Delete