මට අහිමි නුඹ නමට
නංගි මොකද මෙතන කරන්නේ? කවද්ද ඔයා ගෙදර ආවේ? හුඟ කාලෙකට පස්සෙනේ ඔයාව දැක්කේ.
දෙයියනේ මේ මොකද? ඔයා අඩනවද?
අපේ ගෙදරට ගෙවල් දෙක තුනකට එහායින්
පදිංචිවෙලා ඉන්න සඳුනි අක්කා මං ළඟටම ඇවිත්. එයා එනවා මම දැක්කෙවත් නෑ. ඒත් හැමදාම
වගේ එයා මාත් එක්ක දුක සැප බෙදා ගත්තා. සමහරවිට එයාට මගේ වෙනස දැනෙන්න ඇති.
නෑ අක්කෙ. මුකුත් නෑ. ඇහැට රොඩ්ඩක්
ගියා. මං මේ බලන් හිටියෙ පාක් එක දිහා. ඒක හරි ලස්සනට හදල නේද?
ආ ඔව් නංගි. අපි එමුකො නිදහස් වෙලාවක.
ඒක නෙමෙයි. දැන් ඔයා ගෙදර යනවා නේද? යං එහෙනම් අපි දෙන්නම.
ගෙදර ආවෙ කොහොමද කියලාවත් මට හරියට මතක
නෑ. ඊට පස්සෙ මම කඳුළු වේලෙනකන්ම නෑවා. ගෙදර අයට මගේ කිසිම වෙනසක් නොපෙන්වා ඉන්න
මම ගොඩක් පරිස්සම් වුනා. මොකද එයාලා මම වෙනුවෙන් ඕනෙවටත් වඩා දුක් විඳිනවා. ඉතින්
මගේ හිතේ තියෙන දුකත් එක්කම මම මගේ කාමරේ පුංචි මේසෙ ඉස්සරහා වාඩිවුණා. මටත්
නොදැනිම මේ කවිය ලියවිලා තිබ්බා. කඳුළු වැටිලාම අකුරු නම් හොයන්න බැරි තරම්
බොඳවෙලා. කොහොම වුණත් සැබෑ ආදරේ කියන්නෙ අයිති කරගැනීමම
නෙමෙයි කියන එක මං මගේ හිතට ගොඩක් පාරක් තේරුම් කරලා දුන්නා. අපි ආදරය කරන
මිනිස්සු මේ ලෝකෙ කොහේ හරි කවුරු හරි එක්ක සතුටින් ඉන්නවනම් අපිට පුළුවන් වෙන්න ඕන
ඒ දිහා බලලා සතුටු වෙන්න. ඉතින් ගෙවෙන හැම දවසකම ඔයාට සතුටින් ඉන්න පුළුවන් වෙන්න
කියලා මම ප්‍රාර්ථනා කරනවා.
සසර පුරාවටම ඔබ මට හිමිනොවුණද
දනිමි ඔබ නතර වූ තැන සතුටින් වග
විටෙක සුසුම්ලන විටෙක ඉකිබිඳින හදවතට
තදින්ම කියාසිටිමි තවදුරටත් ඔබ මගේ
නොවන වග
කදුළු කැට සෙමෙන් පිසදාන
සිනාසෙමි හදවතින්ම
සැබෑ ආදරය යනු අයිතිකරගැනීමම නොවන වග
ලියාතබමි හදවතේ ගැඹුරුම තැන
නිමාවක් නොවන ඇරඹුමක් ලබාදී
මගෙන් නික්ම ගිය ආදරණීය හිතවත
සුභ පතමි සතුට පමණක්ම ඔබ ළඟ රැඳෙන්නට
තෙත් වූ පිටු අතර අසීරුවෙන් ලියාතබමි
තවදුරටත් ඔබේ නමට කවි නොලියවෙන බව ...
ගායනා නිර්මාණි හේරත්.
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
💖
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThank you ❤️
DeleteGreat ❤️
ReplyDeleteThank you ❤️
DeleteGreat ❤❤
ReplyDeleteThank you ❤️
Deletelassanai 😘
ReplyDeleteThank you ❤️
DeleteLassani
ReplyDeleteThank you ❤️
Deleteලස්සනයි ❤️
ReplyDeleteThank you ❤️
DeleteWoow
ReplyDeleteThank you ❤️
Deleteඇත්තම කතාවක් වගේ. ලස්සනයි
ReplyDeleteThank you ❤️
DeleteSuper ..🔥❤️
ReplyDelete