මට අහිමි නුඹ නමට
සරසවි නිවාඩුව හම්බුන ගමන්ම මම වෙනදා වගේම ඉක්මනට ගෙදර දුවගෙන ආවා. මේ පුරුදු ගහකොළ , ඇළ දොළ , වැව් පොකුණු මේ හැම දෙයක්ම මගේ හිතට අමුතුම සතුටක් අරගෙන එනවා. ඒ හින්දා විතරක්ම නෙමෙයි මම දුවගෙන ආවේ. හිතේ කොනක තව පුංචි බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි එක තත්පරයකට හරි ඔයාගේ ඔය ආඩම්බර මුහුණ දකින එක. ඒ පුංචි පැතුමත් හිතේ තියාගෙනම මම පහුවදාම ගියා අපිට අපිව මුණ ගස්සපු ඒ නගරෙට. බස් නැවතුම්පොළට අඩිය තියනකොටම මට මොකක්දෝ නුපුරුදු පාළුවක් තනිකමක් දැනුණා. මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. මේ ටික කාලෙට මේ නගරෙ කොච්චර වෙනස් වෙලාද කියලා මම මොහොතක් කල්පනා කළා. නගරෙ එක කෙළවරක ලස්සන උද්‍යානයකුත් හදලා. මම තවත් ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. අන්න එතකොට මට පුරුදු රුවක් ඈතින් ඇදෙනවා මම දැක්කා. ටිකෙන් ටික ඒ රුව මගේ ළඟටම ආවා. දැක්ක දෙයින් ඇස් අදහගන්න බැරුව මම ගල් ගැහිලා බලාගෙන හිටියා. ඔව් ඒ ඔහුම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ අද ඔහු ආවේ තනියම නෙමෙයි. මට පිටුපාලා ඇදෙන ඒ ආදරණීය යුවළ දිහා කඳුළු පිරිච්ච ඇස්වලින් මම මොහොතක් බලාගෙන හිටියා. ජීවිතයේ සමහර අවස්ථා අපිව අන්ත අසරණ කරනවා. තවත් ඒ ඇස් දිහා බලන් ඉන්න තරම් හයියක් මට ත...