Posts

අටවෙනි ස්වරය නුඹද?

Image
ලංකාව පුරාම සරසවිවල මතුවුණු අනධ්‍යයන සේවක ගැටලුව හින්දා මට ආපහු ගෙදර එන්න සිද්ධ වුණා. ඉතින් මගේ පුංචි කාමරේ මට ආපහු මම වෙන්න පුළුවන් වුණා. ඉතින් ඒ හුරු පුරුදු සුවඳ මගේ ගතට සිතට අමුතුම සැනසීමක් අරන් ආවා. එළියෙ හොඳටම වහිනවා. මන් මගේ පුංචි මේසෙ ඉස්සරහ වාඩිවුණා. ඒත් එක්කම මගේ ඇස් මේසය උඩ තිබ්බ පුංචි රෝස පාට පොතක් ළඟ නතර වුණා. දෙපාරක් නොහිතා මම ඒ පොත අතට ගත්තා. මේ පුංචි පොතේ මගේ සිනහව, කඳුළ, ලස්සනම මතකයන් හරි අපූරුවට ලියවිලා තිබ්බා. මම එකපාරටම පෙරළලා තියෙන්නෙම මේ පොතේ ඔයාගෙ නමට වෙන්වුණු පරිච්ඡේදය. එදා ඉස්කෝලෙදි ඔයාව දැකපු මුල්ම දවසෙදිම මට දැනුණු ඒ අමුතුම හැඟීමෙ ඉඳලම ඔයා මගේ ජීවිතේට ආගන්තුකයෙක් වුණු දවස දක්වාම කාටවත්ම නොකියපු හැම මතකයක්ම මේ පොත ඇතුළෙ අපූරුවට සිතුවම් වෙලා තිබ්බා. ඒක හරියට ලස්සන චිත්‍රපටියක් වගේ. සමහර සිනමා  නිර් මාණවල  අවසානය තීරණය කරන්න ප්‍රේක්ෂකයන්ට ඉඩ දීලා ඒකෙ නිමාව සනිටුහන් වෙනවා. මගේ කතාවත් හරියට ඒ වගේ. තාම මම අවසානයක් නොදැනම මගේ කතාව ලියනවා. එකපාරටම පොතේ තිබුණු දුඹුරු පාට ලියුම් කවරයක් බිමට වැටුණා. ඒ තමයි ඔයා මට එවපු ලස්සනම ආදර හසුන. ආයෙත් මට හිතුනා එදා වග...

මට අහිමි නුඹ නමට

Image
සරසවි නිවාඩුව හම්බුන ගමන්ම මම වෙනදා වගේම ඉක්මනට ගෙදර දුවගෙන ආවා. මේ පුරුදු ගහකොළ , ඇළ දොළ , වැව් පොකුණු මේ හැම දෙයක්ම මගේ හිතට අමුතුම සතුටක් අරගෙන එනවා. ඒ හින්දා විතරක්ම නෙමෙයි මම දුවගෙන ආවේ. හිතේ කොනක තව පුංචි බලාපොරොත්තුවක් තිබුණා. ඒ තමයි එක තත්පරයකට හරි ඔයාගේ ඔය ආඩම්බර මුහුණ දකින එක. ඒ පුංචි පැතුමත් හිතේ තියාගෙනම මම පහුවදාම ගියා අපිට අපිව මුණ ගස්සපු ඒ නගරෙට. බස් නැවතුම්පොළට අඩිය තියනකොටම මට මොකක්දෝ නුපුරුදු පාළුවක් තනිකමක් දැනුණා.  මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. මේ ටික කාලෙට මේ නගරෙ කොච්චර වෙනස් වෙලාද කියලා මම මොහොතක් කල්පනා කළා. නගරෙ එක කෙළවරක ලස්සන උද්‍යානයකුත් හදලා. මම තවත් ටිකක් ඉස්සරහට ඇවිදගෙන ගියා. අන්න එතකොට මට පුරුදු රුවක් ඈතින් ඇදෙනවා මම දැක්කා. ටිකෙන් ටික ඒ රුව මගේ ළඟටම ආවා. දැක්ක දෙයින් ඇස් අදහගන්න බැරුව මම ගල් ගැහිලා බලාගෙන හිටියා. ඔව් ඒ ඔහුම තමයි. හැබැයි වෙනසකට තියෙන්නේ  අද ඔහු ආවේ තනියම නෙමෙයි. මට පිටුපාලා ඇදෙන ඒ ආදරණීය යුවළ දිහා කඳුළු පිරිච්ච ඇස්වලින් මම මොහොතක් බලාගෙන හිටියා. ජීවිතයේ සමහර අවස්ථා අපිව අන්ත අසරණ කරනවා. තවත් ඒ ඇස් දිහා බලන් ඉන්න තරම් හයියක් මට ත...

විදුබිමේ මතක

Image
මම සරසවියෙ පාරවල් දිගේ තනියම ඔහේ ඇවිදන් ගියා. මට ඕන වුනේ මගේ හිත ටිකක් සැහැල්ලු කරගන්න. මිහිදුතලෙයෙන් හමා එන සීතල සුළං රැළි හැමදාමත් වගේ මගේ සිතට ගතට අමුතු සනීපයක් ගෙනාවා. පහුගිය ටිකේම වැඩ ගොඩක හිරවෙලා හිටිය නිසා මේ සොබාදහම විඳින එක මට කල් දාන්න සිද්ධ වුණා. හැම තැනම පාට පාට මල් පිපිලා. මල් පාර දිගේ අත්වැල් පටලාගෙන එන ආදරණීය පෙම්වතුන් යුවළක් හදිසියේම මගේ නෙත ගැටුනා. ඇත්තටම ආදරේ කියන්නේ පුදුමාකාර හැඟීමක්. ඒක හරියටම අර්ථදක්වන්නෙ කොහොමද කියලා මම තාමත් හිතනවා. ඒ පෙම්වතුන් යුවළ දකිද්දිම මට මතක් උනේ ඔයාව. ඔයා ගැන ගොඩක්ම මතක පිරිලා තිබ්බේ පාසල් කාලය කියන ජීවිතේ ලස්සනම පරිච්ඡේදයේ. ඔයාව දැකපු මුල්ම දවසෙදිම මට මොකක්දෝ පුරුදු හැඟීමක් දැනුනා. හැබැයි ඒ දවස්වල අපි යාලුවෝ විතරයි. ඒත් යාළුකමකට එහා ගියපු ආදරයකට මෙහා නැවතුණු නමක් නොමැති හිතවත්කමක් අපි අතර තිබ්බා. ඒ හිතවත්කමට නමක් දෙන්න අපි ලොකු කාලයක් ගත්තා. අපේ ආදරණීයම මතක ඒ විදිහටම පරිස්සමට ඇති. අපි එදා ඇවිදපු පුංචි පාරවල් තාමත් අපි එනකන් සමහරවිට බලන් ඉන්නවා ඇති. අපිට අපිව මගහැරුණු බව අපේ ජීවිතයේ සොඳුරුම කාලය ගෙවුණු ඒ ආදරණීය විදුබිම තාම දන්නේ නැතිව ඇති...

එදත් හරි වැස්ස දවසක්

Image
කාලෙකට පස්සෙ ආපහු වහින්න පටන් අරගෙන. ජනෙල් වීදුරුව අතරින් හිමිහිට ගලාගෙන යන වැහි බිංදු පොළව සිපගන්නා විදිහ මම හරි ආසාවෙන් බලන් හිටියා. කෝපි කෝප්පයක රස විඳින ගමන් මම මගේ දිනපොතේ පිටු එකින් එක හරි පරිස්සමට පෙරලුවා. මේ වැටෙන පොද වැස්ස මටත් නොදැනිම මාව අතීතයට අරන් ගියා. ඒ තමයි අපි අන්තිමට මුණගැහුණු දවස. අපිට අපිවම අත්හැරුණු මේ මිහිමත ගෙවුණු ඒ දුක්බරම නිමේෂය. ඇත්තමයි ඒ තත්පරේ මේ මුළු ලෝකෙම නතර වුණා වගේ මට දැනුණා. හැමතිස්සෙම මගෙත් එක්ක කතා කරපු ඔයා එදා වචනයක්වත් මාත් එක්ක කතා කරේ නෑ. සමහරවිට ඔයා හිතන්න ඇති අර නන්දා මාලනීය ගයන ගීතය වගේ ,  කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා   මුනිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා .... කියලා.   ඇත්තමයි එදා ඒ දැනුණු හැඟීම වචන වලට පෙරළන්න ගොඩක් අමාරුයි. මං හොඳටම දැනගෙන හිටියා ආයෙ අපි කවදාවත්ම හමුවෙන්නේ නැහැ කියලා. මොකද ඔයාගේ ඔය රූපෙ ආයෙත් මගේ ඇස් ඉස්සරහට ආවොත් මට මාවම දරාගන්න බැරි වෙයි කියලා මගේ හිත තදින්ම මට කිව්වා. කොහොම හරි අපි දෙන්නා තෝරගත්තෙ පාරවල් දෙකක්. ඒ පාරවල් දෙක කවදාවත් එකිනෙක හමුවෙන්නෙ නෑ කියලා අපේ හිත් ගෙවෙන හැම තත්පරේම අපිට මතක් කළා. ...

අහිමි සිහිනය

Image
මට තාම මතකයි ඒ දවස. එදා අමුතු මන්දාරමකින් මුළු පරිසරයම වෙලාගෙන තිබ්බා. මගේ හොඳම යාළුවොත් එක්ක මම ගියපු ලස්සනම උත්සවය තමයි ඒක. බලන බලන හැම තැනකම පාට පාට බල්බ් වැල් එල්ලලා හරියට දිව්‍ය ලෝකයක් වගේ. මටත් නොදැනිම මගෙ හිතට මොකක්දෝ අමුතු හැඟීමක් දැනෙන්න පටන් අරගෙන තිබ්බා. මට හිතාගන්න බෑ ඒක කොහොම විස්තර කරන්නද කියලා. එදා මම ඇඳන් ගියෙ මම අලුතෙන්ම සාප්පුවෙන් ගත්ත අහස් නිල් පාට ගවුම. ඒකෙ ලස්සනට පාට පාට දියමන්ති හැඩයේ කැට අල්ලලා තිබුණා. කොහෙන්දෝ ළයාන්විත සංගීත රාවයකුත් ඇහුනා. එකපාරටම දැකපු දෙයකින් මගේ හිත ගැස්සිලා ගියා. ඒ තමයි මම මෙච්චර කාලෙකට දැක්ක වශීකෘතම ඇස් දෙක. කල්ප ගානක් මම මගේ කරගන්න හීන දැකපු ඇස් දෙක. ඒ කඩවසම් රුව මගේ ළඟටම ඇවිත් නතර වුණා. එයා මගේ අතින් අල්ලද්දි මට දැනුන ඒ හැඟීම වචනවලට පෙරළන විදිහක් මට තාමත් හිතාගන්න බෑ. ඊටපස්සේ මට ඇහුනේ මම මේ ලෝකේ එයාගෙන් අහන්න ආසම වචන ටික. ඇත්තමයි ඒ තත්පරේ මට මාවත් අමතක වුණා. මං හිතන්නේ මට පියවි සිහිය එන්න ටික වෙලාවක් ගියා. හරියට තප්පර කට්ට තුන් පාරක් විතර කැරකිලා එනවා වගේ. මට පියවි සිහිය එද්දි ඔහු හිටියේ මාව ඔහුගේ පපුවට තුරුල් කරගෙන. මමත් ඔහුගෙ පපුවෙ උණු...